ඇසුරුම්කරණයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට නව පරීක්ෂණ රසායනාගාරයක්

ඇසුරුම්කරණයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට නව පරීක්ෂණ රසායනාගාරයක්

ඇසුරුම්කරණයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව පරීක්ෂණ රසායනාගාරයක් කාර්මික තාක්ෂණ ආයතනයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙරට නිෂ්පාදනය කරන කිරිපිටි, ජල බෝතල් ඇතුළු විවිධ ආහාර ද්‍රව්‍ය මෙන්ම සිමෙන්ති, කාඩ්බෝඩ් ඇතුළු ඇසුරුම් රැසක ප්‍රමිතිය පිළිබඳ පරික්ෂාවට ලක්කිරීමට මෙම ඇසුරුම් පරීක්ෂණ රසායනාගාරය මගින් හැකියාව ලැබෙන බවයි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේ.