සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් පොලිස් භාරයට

සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් පොලිස් භාරයට

ඊයේ (31) පස්වරුවේ මිරිහානේ පැවති විරෝධතාවක් අතරතුර සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගැනිණි.

අරගලයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඊයේ (31) පස්වරුවේ, මිරිහාන ජුබිලි කණුව අසළ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මෙලෙස පොලිස් භාරයට පත්ව ඇත්තේ, සමාජ ක්‍රියාකාරීන් වන අනුරුද්ධ බණ්ඩාර, ධානීෂ් අලී, ඇතුළු පුද්ගලයින්ය.