ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු T20 ගැටුම අද

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු T20 ගැටුම අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (02) ආරම්භ වනවා.

මෙරට වේලාවෙන් පෙරවරු 6.30ට නවසීලන්තයේ ඔක්ලන්ඩ් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.

කාසියේ වාසියේ ජය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක Tom Latham තීරණය කළේ පළමුව පන්දු යැවීමයි.

ඒ අනුව පළමුව ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.

මෙම තරගයේ කිවි පෙළ නියෝජනය කරනුයේ Tom Latham ගේ නායකත්වය යටතේ පිළිවෙළින් Chad Bowes,Tim Seifert, Daryl Mitchell,Mark Chapan,James Neesham,Rachin Ravindra,Adam Milne,Henry Shipley,Ish Sodhi,Ben Lister මේ ලැයිස්තුවට ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන්ගේ නායකත්වය යටතේ කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන් අද තරගය නියෝජනය කරනවා.

දීර්ඝ කාලයක් ආබායකට ලක්ව ශල්‍යකර්මයක් සිදු කිරීම හේතුවෙන් විවේක ගන්වා සිටි කුසල් ජනිත් පෙරේරා සැත්කමෙන් පසුව එක්වන පළමු T20 තරගය ද අදයි.

ඉදිරියේ පැවැත්වෙන මෙම තරගාවලියේ සෙසු තරඟ දෙක එළඹෙන අප්‍රේල් 05 සහ 08 වැනි දින පැවැත්වෙනු ඇති.