ජයග්‍රහණයට දායකවීම සතුටක් – කුසල් පෙරේරා
මාස 15 කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිස තරඟයක් ජයගැනීම සඳහා කණ්ඩායමට දායකත්වයක් ලබාදීමට හැකිවීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ නවසීලන්තය සමඟ අද (02) පැවති පළමු විස්සයි විස්ස තරඟය සුපිරි පන්දු වාරයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඕක්ලන්ඩ් හි දී අද පැවති පළමු 20-20 තරගයේ දී කුසල් පෙරේරා සිය 13 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් විය.
කුසල්ගේ මෙම අර්ධ ශතකය සුවිශේෂී වන්නේ මාස කිහිපයක කාලයක් ඔහු සැත්කමක් සිදු කිරීම හේතුවෙන් ක්‍රීඩාවෙන් විවේක ගන්වා සිටීමත් ඉන් පසුව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ම ලකුණු අතරට පිවිසීමට ඔහුට හැකිවීමයි.