තමන්ට නඩු සිය ගානක් ඇති බව මෛත්‍රී කියයි

පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දු නිසා සතියකට දෙසරයක් පොලොන්නරු ආපු තමන්ට දැන් සතියට තුන් වරක් උසාවි යන්න සිදු වී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (12) පොළොන්නරුවේදී පැවසීය.
“මම සතියකට දෙසරයක් ඉස්සර පොළොන්නරුවේ ආපු කෙනෙක් අපේ හාමුදුරුවනේ මම දැන් සතියකට දවස් තුනක් වත් උසාවියට යන්න ඕනේ නඩු සිය ගානක් තියෙනවා.උසාවියේ පාස්කු ප්‍රහාරය හින්දා.ඔය කෝටි 10 වන්දි ගෙවන්න දුන්නේ නඩු අටක් එකට එකතු කරලා.ඒකෙන් දුන්නු තීන්දුවකින් තව නඩු හාරසිය අටක් තිබෙනවා ඉතුරුවෙලා.ඒක නිසා මගේ පොළොන්නරුවේ ගමන් අඩුවුණා සති දෙකකට සැරයක් පොළොන්නරුවට ආපු මම පෙරේදා හවස මම ආවේ මාස තුනකට පස්සෙ.මොකද හැම වෙලේම මම උසාවි වලට නොගියත් නීතිඥ මහත්තුරුන්ට උවමනා වෙනවා මගින් තොරතුරු ලබාගන්න.ඒ නඩුවලට අවශ්‍ය තොරතුරු ලබාගන්න ඉතින් ඊට එහා මම කතාකරන්නේ නැහැ” හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

