ආසියානු සංවර්ධන බැංකුවේ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාව වෙත සිය සහාය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
රොයිටර්ස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා මේ බව පවසා ඇත.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී සහනදායී අරමුදල් සැපයීම හරහා ශ්‍රී ලංකාව වෙත සහාය ලබාදීමට අපේක්ෂා කෙරෙන බවය.

