ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 280ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
මෙම ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 591ක් රැස් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න (179) කුසල් මෙන්ඩිස් (140), දිනේෂ් චන්දිමාල් (102) සහ සධීර සමරවික්‍රම (104) ශතක රැස්කර ගැනීමට සමත් වුණා.
අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස් කළේ ලකුණු 143ක් වූ අතර එහිදී දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුලු 07ක් දවා ගැනීමට සමත් වුණා.
ඉනිමක පරාජයෙන් බේරීම සඳහා නැවතත් පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම තෙවැනි දිනයේ තේ පානයෙන් මද වේලාවකට පසු ලකුණු 168කට සියලුදෙනා දැවී ගියා.
පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 76කට කඩුලු 04ක් දවාගත් අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 03ක් දවා ගත් අතර ජයසූරිය මෙම තරගයේදී ලකුණු 108කට කඩුලු 10ක් දවාගෙන තිබෙනවා.
තරඟයේ වීරයා ප්‍රභාත් ජයසූරිය.
දෙරට අතර දෙවන ටෙස්ට් තරගය එළඹෙන 24 වනදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතය.

