ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම නවතී

ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම නවතී

ජාතික අක්ෂි රෝහලේ සිදුකරන ශල්‍යකර්ම නවතා දමා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේශ් සදහන් කළේ ශල්‍යාගාරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ශල්‍යකර්ම නතර කර ඇති බවට රෝගී ජනතාව වෙත දැනුම්දී ඇති බවයි.

ජාතික අක්ෂි රෝහලේ සිදුකරන ශල්‍යකර්ම පසුගිය 13 වැනිදා සිට තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්, 1320කට ලබන 25 වැනිදා සිට පත්වීම් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් දුෂ්කර ප්‍රදේශයන්හි ග්‍රාමීය රෝහල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.