රාමසාන් දිනය අදයි

ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (22) යෙදී තිබෙනවා.
මෙරට ඉස්ලාමීය බැතිමතුන් අද දිනයේ දී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය ඊයේ දිනයේ දී නිවේදනය කරනු ලැබුවා.
රාමසාන් උත්සවය යනු ඉස්ලාම් බැතිමතුන්ගේ වැදගත් ම වන උත්සව අවස්ථාවක් වන අතර ඉස්ලාම් බැතිමතුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයකි.
ඉස්ලාම් ධර්මය සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය පිළිබඳ මුහම්මද් තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස එය සමරනු ලැබේ.
නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර රාමසාන් සමයේ සෑම දිනකම ඉස්ලාම් බැතිමතුන් හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා ආහාර ගැනීමෙන් වැළකී සිටිනු ලබනවා.
ඉස්ලාම් බැතිමතුන් පවුලේ අය සහ මිතුරන් සමඟ ආහාර බෙදා ගැනීමෙන් ඔවුන්ගේ දෛනික උපවාසය අත්හරින අතර රාමදාන් අවසානය සමරනු ලබන්නේ ඉස්ලාමයේ ප්‍රධාන නිවාඩු දිනයක් වන ඊද් අල්-ෆිතර් නමින් දින උත්සවයක් සමරමිනි.
රාමසාන් සැමවිටම මාස 12 ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මාසයට අයත් වෙනවා.
එමෙන්ම අද ආගමික වතාවත් පැවැත්වෙන ඉස්ලාම් පල්ලි හඳුනාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
හඳුනාගත් මුස්ලිම් පල්ලිවලට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ වැඩපිළිවෙලක් සිදුකරන්නැයි පොලිස්පතිවරයා විසින් පළාත් භාර උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන්නා.
ඒ අනුව ආරක්ෂාව වෙනුවෙන් ජංගම සංචාර, පා මුර සංචාර, රාත්‍රී සංචාර ක්‍රියත්මක බවත්, සැකකටයුතු අයෙක් සිටීනම් ඔවුන් හඳුනාගැනීම සඳහා මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් කටයුතු ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

