ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය අඩු වෙයි

මේ වසරේ මුල් මාස දෙකේ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ 2022 දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රි ලංකාවේ පැවති සමස්ත සක්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය දහනව ලක්ෂ 52,991 ක් ලෙස වාර්තා වූ අතර මේ වසරේ ජනවාරි මාසය අවසන් වනවිට ශ්‍රි ලංකාවේ පැවති සමස්ත සක්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය දහනව ලක්ෂ 42,272ක්.
මේ අතර, පෙබරවාරි මාසය වනවිට දහනව ලක්ෂ 40,872 ක් දක්වාත් තවත් පහළ ගොස් ඇති බවයි මහබැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
මෙම කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය මේ වසරේ ජනවාරි අවසන් වනවිට රුපියල් මිලියන එක් ලක්ෂ 42,061ක් දක්වාත්, පෙබරවාරි අවසානයේ රුපියල් මිලියන එක් ලක්ෂ 41,001 ක් දක්වා අඩුවී ඇති බවයි මහබැංකු සදහන් කළේ.

