ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල මැයි මුල සිට ඉහළට ?

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල මැයි 1 වැනිදා සිට කිලෝවකට රුපියල් 4-5 කින් ඉහළ යා හැකි බැවින් දේශීය ආනයනකරුවන්ට භාණ්ඩ තිබෙන රටේ නැව් සමාගම් විසින් මීට පෙර ගෙවූ THC (පර්යන්ත හැසිරවීමේ ගාස්තු) ගෙවීමට සිදුවනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය විසින් පවසනවා.
එහි ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ 2012 වසරේ සිට භාණ්ඩ නිෂ්පාදනය කරන රටවලින් මෙම ගාස්තු අය කර ඇති නමුත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම ක්‍රමය අහෝසි කර ඇති බවයි.
මෙම තීරු බදු ඉවත් කිරීම ආනයනකරුවන්ට පමණක් නොව අපනයනයට ද බලපානු ඇති බව ඔහු සඳහන් කළා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශවරයා සඳහන් කළේ, ආනයනකරුවන් සහ වාණිජ මණ්ඩල නිලධාරීන් අප්‍රේල් 19 වැනි දින ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබූ නමුත් අවසන් මොහොතේ එය අවලංගු කළ බවයි.

