පාසල් ප්‍රවාහන ගාස්තු මැයි මුල සිට අඩු කරයි

පාසල් දරුවන්ගේ මවුපියන්ට ලබාදෙන සහනයක් ලෙස සියලු අපහසුකම් මැද වුවත් පාසල් ප්‍රවාහන ගාස්තු 5%ත් – 8%ත් ාතර ප්‍රමානයකින් ලබන මැයි (01) සිට අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන රථ සංගමය ප්‍රකාශ කරනවා.
මේ සම්බන්ධයේ අදහස් දැක්වූ එම සංගමයේ සභාපති හරිශ්චන්ද්‍ර පද්මසිරි මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ටයර් ඇතුළු අමතර කොටස්වල කිසිදු අඩුවීමක් සිදු වී නැති අතර ආදායම් බලපත්‍ර ගාස්තු බස් රථයක ආසන්නයකට රුපියල් හයසිය පනහක් වන අතර වෑන් රථයකට රුපියල් නවදහසක් බවයි.
මේ සඳහා රජය සහනයක් ලබාදුන්නොත් තවත් පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට පියවර ගත හැකි බව පැවසීය.
කෙසේ වෙතත් මේ සියලු අපහසුකම් මැද වුවත් පාසල් දරුවන්ගේ මවුපියන්ට මෙම සහනය ලබා දීමට සංගමය තීරණය කළ තිබෙනවා.
අනෙකුත් සංගම් මොනවා පැවසුවත් ඩීසල් සොයාගත නොහැකිව තිබුණු කාලයක් පැවති අතර දැන් ඩීසල් ලැබී, මිලෙහිද යම් අඩුවීමක් සිදුවී ඇති අවස්ථාවක පුළුවන් ආකාරයකට සේවා ලබා ගන්නා ජනතාවට සහනයක් දීමට මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළ සිටියා.

