ලොව විශාලතම යුද වියදම රුසියා – යුක්‍රේන ගැටුමට

ලොව විශාලතම යුද වියදම රුසියා – යුක්‍රේන ගැටුමට

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් දශක තුනකට පසු යුරෝපයේ විශාලතම වාර්ෂික යුද වියදම පසුගිය වසරේ වාර්තා වී තිබෙනවා.

එය ඩොලර් ටි්‍රලියන 2.24 ක් වන අතර ස්ටොක් හෝම් ජාත්‍යන්තර පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව එය සියයට 13 ක වැඩිවීමක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2022 වසරේ පෙබරවාරි මාසයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුරෝපා රටවල් තම ආරක්ෂාව වෙනුවෙන් අවි ආයුධ සහ හමුදා බලය තර කිරීමට පියවර ගනු ලැබුවා.

යුක්‍රේනයේ යුද වියදම සියයට 640 කින් ඉහළ ගොස් ඇති අතර එය 1949 සිට මේ දක්වා සිදුකළ වැඩිම වාර්ෂික වියදමයි.

ඊට බටහිර රටවල් විසින් සපයනු ලැබූ සියලුම මූල්‍යමය සහ යුද ආධාර ඇතුළත් නොවන බවද සඳහන්.

https://bit.ly/41zOL54