සාකච්ඡාවක් ඉල්ලා සරසවි ඇඳුරන් ජනපතිට ලියයි

කඩිනම් සාකච්ඡාවක් ඉල්ලා අද (26) උදෑසන ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය තම සාමාජිකයින් සහභාගි වන්නේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පසුව බවයි.
ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දෙන්නේනම් නම්, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ වර්ජනයෙන් ඉවත් වීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (25) පස්වරුවේ ප්‍රකාශ කළේ ය.
ඒ, එම සමිති සම්මේලනයේ විධායක කමිටුව ඊයේ කැලණිය විශ්වවිද්‍යාලයේදී රැස්වීමෙන් අනතුරුවයි.

