දුම්රිය ප්‍රමාදයක්

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ මරදාන දුම්රිය ස්ථානයේ දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.
මෙසේ පීලි පැන ඇත්තේ අද සවස 4:15ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මන්දගාමී දුම්රියයි.
දුම්රිය වේදිකා 07, 08, සහ 09 අවහිර වී තිබෙන නිසා ප්‍රමාදවීම් සහිතව දුම්රිය ධාවනය වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

