රෝහලෙන් දුන් පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් පුංචි දැරියකට දිවි අහිමිවෙයි

රෝහලෙන් දුන් පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් පුංචි දැරියකට දිවි අහිමිවෙයි

ගම්පොල උඩහීන්තැන්න ප්‍රදේශයේ දී ඖෂධ අධිමාත්‍රා වීම හේතුවෙන් වයස අවුරුදු 8ක දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති මෙම දැරිය සඳහා වෛද්‍යවරයා විසින් ඖෂධ මාත්‍රා දෙකක් ලබා දී තිබෙනවා.

පසුව රෝහල් ඖෂධ නිකුත් කිරීමේ කවුන්ටරයෙන් පැරසිටමෝල් ඖෂධය මෙම දැරිය සඳහා නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරයා විසින් ලබා දුන් මාත්‍රාව වෙනුවට නිකුත් කිරීමේ කවුන්ටරය මඟින් වැඩි මාත්‍රාවක් සටහන් කොට ලබා දී ඇති බවයි හෙලි වී ඇත්තේ.

එම ඖෂධ මාත්‍රාවට අනුව පානය කිරීමෙන් අනතුරුව හටගත් බඩේ අමාරුවක් නිසා දැරිය නැවතත් රෝහල් ගත කර තිබෙන අතර එහිදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් කමිටුවක් පත්කොට තිබෙනවා.

COMMENTS