පාසල් බෑග් සහ සපත්තු මිල අඩු වෙයි

පාසල් බෑග් සහ සපත්තු මිල අඩු වෙයි

පාසල් ළමුන්ගේ සපත්තු සහ බෑග් මිල පහත වැටී තිබෙනවා.

ඒ ඊයේ (25) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එම සාකච්ඡාව සඳහා පාසල් බෑග් නිෂ්පාදකයන් සහ සපත්තු නිෂ්පාදකයන් ‍රැසක් සහභාගී වී තිබෙනවා.

මැයි මස 23 වැනිදායින් පසු රුපියල් 500ත් 1000ත් අතර මිලකින් එම උපකරණ අඩු කිරීමට එම නිෂ්පාදකයෝ එකගතාවය පළකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහි දී රාජ්‍ය ඇමැතිවරයා නිෂ්පාදකයන්ට පවසා සිටියේ ඩොලරයේ අගය අඩු වී තිබෙන බැවින් පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදනවලට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩු වී තිබෙන නිසා එහි වාසිය පාසල් ළමුන්ට ලබා දෙන ලෙසයි.