රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල වැලක්

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල වැලක්

රුසියාවෙන් යුක්‍රේනයට ගුවන් සහ මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාර වලින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක සහ නගර කිහිපයක පිපිරීම් වාර්තා වීමත් සමඟ කියෙව් අගනුවර ඇතුළුව යුක්රේනය පුරා ගුවන් ප්‍රහාර හේතුවෙන් නිකුත් කරන අනතුරු ඇඟවීමේ සයිරන් නාද නිකුත් කෙරුණා.

යුක්‍රේනයේ උමාන් නගරයට රුසියානු රූස් මිසයිල කිහිපයක් එල්ල වී තිබෙනවා.

එහිදී පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ රුසියා ප්‍රහාර නිසා නිවාස සංකීර්ණ 10කට හානි වී ඇති බවයි.

සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන රුසියාව සිදු කරන මෙම ප්‍රහාරවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඩීනිප්රෝ නගරයට එල්ල වු ප්‍රහාරවලින් කාන්තාවක් සහ දරුවෙකු මියගොස් තිබෙනවා.

මීට අමතරව යුක්රේනයේ මයිකෝලයිව් නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට රුසියාව විසින් මුහුදේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මිසයිල ප්‍රහාරයෙන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

https://bbc.in/3NlZbB8

COMMENTS