ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 492 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 704 ක් ලබා ඉනිම අත්හිටුවනු ලැබුවා.

අයර්ලන්තයට දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණයි.

ඒ අනුව, දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන්ද 2 ට බින්දුවක් ලෙස ජය හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.