ආහාර විෂවීමකින් ළමුන් 27ක් රෝහල් ගත කෙරේ

නුවරඑළිය නානු ඔය ප්‍රදේශයේ පාසලක ආහාර විෂවීමකින් සිසුන් 27 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි නුවරඑළිය දිස්ත්‍රික් රෝහල් අධ්යක්ෂවරයා පවසන්නේ.
මෙම විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් 105 දෙනෙකුට දිවා ආහාරය සදහා ලබාදුන් ආහාරයි මෙලෙස විෂ වී ඇතේතේ. අදාළ කොන්ත්‍රාත්කරු විසින් බත්, පරිප්පු, සෝයාමීට් සහ අතුරුපස සදහා ගස්ලබු ලබා දී තිබෙනවා. එම ආහාර ලබා ගැනිමෙන් පසු මෙම සිසුන්ට වමනය සහ ක්ලාන්තය ඇතිවී රෝහල්ගත කෙරුණු බවයි වාර්තා වුණේ. මෙම ආහර විෂ වීම සම්බන්ධයෙන් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් පාසල වෙත යවා ආහාර සාම්පල් කිහිපයක් ලබා ගෙන තිබෙනවා.
එම සාම්පල සහ ආහාර පිසීමට උපයෝගීකර ගත් අමුද්‍රව්‍යවල සාම්පල කිහිපයක් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට හා අනුරාධපුර ආහාර තත්ත්ව පාලන රසායනාගාරයට යොමු කළ බවයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසුවේ.

