IMF ඡන්දයට සමගියේ විරෝධය

IMF ඡන්දයට සමගියේ විරෝධය

අද (28) දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයේදී, ඊට විරෝධය පළකර සභා ගැබෙන් පිටව යාමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එම ඡන්ද විමසීම පවත්වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන යෝජනා සම්මතයන්ට අදාළවයි

ශ්‍රී ලංකාවට හිමිවී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම පිළිබඳ සැකසුම ක්‍රියාත්මක කිරීමේ යෝජනා සම්මතය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ තුන්වන දිනය අදයි.

එහිදී එම අරමුදලෙන් ණය ලබා ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසුමක් අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

එමෙන්ම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එහිදී පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටයි තිරණය කර තිබෙන බවයි අද පෙරවරුවේ වාර්තා වුණේ.

කෙසේ වෙතත් එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව මීට පෙර පැවසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවැත්වෙන ඡන්ද විමසීමට නොපැමිණෙන බව නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය අයි.එම්.එෆ්. ගිවිසුම් යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ.

ජාතික ජන බලවේගය, දෙමළ ජනතා සන්ධානය සහ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයද අයි.එම්.එෆ්. ගිවිසුම් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බවයි මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ. .

COMMENTS