ඩයස්පෝරාවෙන් ජනමත විචාරණයක්

ඩයස්පෝරාවෙන් ජනමත විචාරණයක්

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ජනමත විචාරණයක් පැවැත්වීමට අමෙරිකාවේ ස්ථාපිත දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක් තීරණය කර තිබෙනවා.

මෙම ජනමත විමසුම මැයි 18 වන දා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අමෙරිකාවේ ජීවත්වන සියලු දෙමළ ඩයස්පෝරා ජනතාවගේ සහභාගිත්වය අපේක්ෂා කරන බව‍‍‍යි අන්තර්ජාතික දෙමළ ඊළාම් රජයේ ප්‍රධානි විශ්වනාදන් රුද්‍රකුමාරන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

තවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනමත විචාරණය සඳහා වූ ජනතා ව්‍යාපාරය නමින් ක්‍රියාකාරී කමිටුවක් ද මේ සඳහා පිහිටුවා තිබෙන බවයි.

ශ්‍රී ලාංකික ජනවාර්ගික ගැටලුව විසඳිය හැක්කේ ජාත්‍යන්තර ජනමත විචාරණයක් මගින් පමණක් බවත් මෙමඟින් ලාංකික දෙමළ ජනතාව හා ඩයස්පෝරා ජනතාව අතර සහජීවනය වර්ධනය වනු ඇති බවත් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එතුමා සඳහන් කළා.

එමෙන් ඔහු පෙන්වා දෙන්නේ මෙම ජනමත විචාරණය ජාත්‍යන්තරය මගින් අධීක්ෂණය කළ යුතු බවයි.