අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (29)පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තුවක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය

COMMENTS