වෙසක් පෝයදා චන්ද්රග්රහණයක්

වෙසක් පුර පසළොස්වක පෝයදා සහ ඊට පසුදින උප ඡායා චන්ද්රග්රහණයක් සිදුවෙනවා.
එම උප ඡායා චන්ද්රග්රහණය ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්රදේශවලට දිස්වන බවයි වාර්තා වන්නේ.
ලබන පස්වනදා පස්වරු 8.44 ට ආරම්භ වී ඊට පසුදින අලුයම 1.1 දක්වා පැය 4 යි විනාඩි 18 ක කාලයක් එය දිස්වන බවයි ශ්රී ලංකා ග්රහලෝකාගාර වෙබ් අඩවිය සඳහන් කළේ.

