බදුල්ල සහ කෑගල්ලට නායයෑමේ අනතුරු ඇඟවීම්

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැහිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අදාළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් නිවේදනය කළේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කදුකර, බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.

