පාසල් සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට යයි

පාසල් සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට යයි

ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ තම පාසලේ උ.පෙළ විද්‍යා විෂය අහෝසි කිරීමට ගෙන ඇතැයි කියන තීරණයක් සම්බන්ධයෙන්.

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගාල්ල උණවටුන මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ තමන්ට විද්‍යා විෂය හදාරනවා නම් වෙනත් පාසලකට යන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැනුම් දී ඇති බවයි සිසුන් පිරිස පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ද අදහස් පළකර තිබූ අතර ඔවුන් පවසන්නේ මෙම විද්‍යාලය සහ දිවයිනේ තව බොහෝ පාසල් සඳහා ගුරු හිඟයක් පවතින බවයි.

COMMENTS