පාසල් ළමුන් ප්රවාහන රථවල ගාස්තු අඩුවෙයි

සමස්ත ලංකා පාසල් ළමුන් ප්රවාහන සංගමය විසින් පාසල් ළමුන් ප්රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණයත් සමඟයි.
රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගෙන තිබුණේ පසුගිය 30 වෙනිදායි.
මෙලෙස මිල ගණන් අඩු කිරීම හේතුවෙන් ප්රවාහන ගාස්තු අඩු කිරීමට තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති පැවසුවේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ගාස්තු අඩු කරන ප්රතිශතය තවමත් ප්රකාශයට පත් කළ නොහැකි බවයි.

