ඇමරිකාවේ භාණ්ඩාගාරය අවදානමක
දැනට ඇමරිකානු ඩොලර් ටි්රලියන 31.4 ක් ලෙස පවතින ණය සීමාව අත්හිටුවීම හෝ ඉහළ දැමීම සිදු නොකළහොත් ඇමරිකාවේ මුදල් අවසන් වනු ඇතැයි එරට භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ප්රකාශ කළා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩ්න් ලබන 9 වනදා කොංග්රස් මණ්ඩලයේ රැස්වීමක් ද කැඳවා තිබෙනවා.
ණය සීමාව ඉහළ දැමීමට බයිඩ්න්ගේ ඩිමොක්රටික් පක්ෂයට බලය හිමි සෙනෙට් මණ්ඩලයට අමතරව රිපබ්ලිකන් පක්ෂයේ පාලනයේ පවතින කොංග්රස් මණ්ඩලයේ අනුමැතියද ලබාගත යුතුයි.
කෙසේ වෙතත් රාජ්ය වියදම් කප්පාදු කිරීම සහ බයිඩ්න්ගේ ඇතැම් යෝජනා ඉවත් කර නොගතහොත් අදාළ යෝජනාව පරාජයට පත් කරන බවටයි කොංග්රස් සාමාජිකයින් දැනටමත් අනතුරු අඟවා ඇත්තේ.