ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ

ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වුවද ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව එම සමාගම අද (03) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,990 ක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,596ක් වූ මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි එම ආයතනය තවදුරටත් සඳහන් කළේ.

ගෝලීය එල්.පී. ගෑස් වෙළෙඳපොලේ මිල වැඩිවීමක් තිබීම නිසා නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම අභියෝගය මාධ්‍යයේ වුවද ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට සාධාරණ මිලට ගෑස් සැපයුම අඛණ්ඩව පත්වාගනෙ යන බවත් එම නිවේදනයේ සඳහන්.

COMMENTS