පුටින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ නැහැ – සෙලෙනෙස්කි

පුටින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ නැහැ – සෙලෙනෙස්කි

රුසියානු ජනපති වැලැදිමියර් පුටින් ඝාතනය කිරීමට තමන් කුමන්ත්‍රණය නොකළ බව යුක්‍රේන ජනපති වැලැදිමියර් සෙලෙනෙස්කි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රුසියානු ජනාධිපති පුටින් ඝාතන කිරීමට ඩ්‍රෝන යානා 2ක් එවූ බවට ක්‍රෙම්ලිනය කරන චෝදනා වලට පිළිතුරු ලෙසයි.

ක්‍රෙම්ලිනය ආසන්නයටම පැමිණ තිබූ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළීමට රුසියානු හමුදා ඊයේ (03) කටයුතු කළා.

රුසියානු බලධාරීන් ප්‍රකාශ කළේ විද්‍යුත් රේඩාර් පද්ධතිය උපයෝගී කරගනිමින් එම යානා බිම හෙලූ බවයි.

මෙම සිද්ධියෙන් පසුවයි එය පිටුපස යුක්රේනය සිටින බවට චෝදනා එල්ල වුණේ.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ සිය හමුදා සටන් කරන්නේ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් බවයි.

https://politi.co/424PHyt