විදුහල්පතිවරුන්ට දැනුම් දීමක්

ස්ථාන මාරු නියෝග යටතේ පාසල්වලින් නිදහස් කළ සියලු ගුරුවරුන් ස්ථාන මාරු ලැබූ පාසලේ විදුහල්පතිවරයා විසින් භාර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, මේ පිළිබඳ උපදෙස් ඇතුළත් ලිපියක්ද විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇති බවයි.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කරුණු මුල් කර ගනිමින් ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කිරීමට නොහැකි ගුරුවරුන්ගෙන් අභියාචනා භාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ පිළිබඳ අධ්‍යයනයට කමිටුවක් ද පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.
වසර 10කට වැඩියෙන් එකම පාසලේ සේවය කළ ගුරුවරුන් ස්ථාන මාරු කිරීමට පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

