තුන්වන රජු ලෙස චාල්ස් කිරුළ පළදිද්දී කැමිලා රැජිණ ලෙස කිරුළ පළදියි
තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථනයේ දී කිරුළ පළදිනු ලැබුවා.
ඒ දෙස් විදෙස් ආරාධිතයන් 2000 කගේ සහභාගිත්වයෙන්.
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සමග රජ මෙහෙසිය කැමිලා ද මෙහි දී ඔටුනු පළඳිනු ලබනවා.
රාජාභිෂේක උත්සවය පැවති වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත චාල්ස් රජු සහ කැමිලා බිසව බකිංහැම් මාලිගයේ සිට පැමිණියේ විශේෂ රාජකීය පෙරහරකින්.
රජු සහ රැජින එම රාජකීය පෙරහරේ පැමිණීමට යොදා ගෙන තිබුණේ දෙවන එලිසබෙත් රැජින විසින් භාවිත කළ රැජිනගේ දියමන්ති ජුබිලි අශ්ව කරත්තයයි.
වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත පැමිණෙන මග දෙපස රැස්වූ විශාල ජනකායක් චාල්ස් රජු සහ කැමිලා බිසවට සුබ පැතුම් එක් කළා.
රාජාභිෂේකය පැවැත්වෙන දේවස්ථානයට පැමිණි පසු චාල්ස් රජු එඩ්වඩ් රජුගේ අසුන යනුවෙන් හදුන්වා ඇති විශේෂ රාජාභිෂේක පුටුවෙහි අසුන් ගත් අතර එය සියවස් ගණනාවක් ඉපැරණි කැටයම් සහිත ලී පුටුවක් වීම විශේෂත්වයක්.
රාජකීයයන් කිරුළු පැළදීමේදී අසුන් ගැනීමට මෙම පුටුව යොදා ගැනීම බි්රතාන්ය සම්ප්රදායයි.
මෙම පුටුව පළමු වරට භාවිත කරනු ලැබුවේ 1296 වසරේදී පළමුවැනි එඩ්වඩ් රජු විසින්.