පොදු රාජ්‍ය මණ්ඩලයට ජනපතිගෙන් යෝජනා

පොදු රාජ්‍ය මණ්ඩලයට ජනපතිගෙන් යෝජනා

තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය විශාල කාර්ය භාරයක් ඉටු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ අවධාරණය කළා.

ඒ තුන්වන චාල්ස් රජුගේ සහභාගිත්වයෙන් ලන්ඩන් නුවර පැවති රාජ්‍ය නායක හමුවේදීයි.

ඩිජිටල්කරණය තුලින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

තුන්වන චාල්ස් රජු වෙත සුබ පැතුම් එක් කරමින් සුහද කතාබහක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම හමුවට සමගාමීව පැවති වැඩසටහන් කිහිපයකට ද එක්වුණා.

ජනාධිපතිවරයා සහ ගානා ජනරජයේ සභාපති නානා අකුෆෝ – ඇඩ්ඩෝ අතර මෙන්ම, රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ අතර ද මෙහිදී සාකච්ඡා පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

කෘෂිකර්ම, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රවලට මෙන්ම, ආයෝජන ක්ෂේත්‍රයන්ට සහය ලබා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.