පෙර පාසල් දරුවන්ට අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක්

පෙර පාසල් දරුවන්ට අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක්

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසන්නේ කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ එම වැඩපිළිවෙළ යටතේ පෙර පාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

ලබන මාසයේ සිට එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.