ආදායම් බලපත්‍ර අලුත් නොකළ වාහනවලට විශේෂ දැනුම්දීමක්

ආදායම් බලපත්‍ර අලුත් නොකළ වාහනවලට විශේෂ දැනුම්දීමක්

වසර 05කට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් නොකළ වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බව ද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව වසර 5කට වඩා එක දිගට ආදායම් බලපත්‍ර ලබානොගෙන සිටින වාහන සොයා දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත්කරන බව ද නිශාන්ත අනුරුද්ධ මහතා පැවසීය.