ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ ප්‍රචණ්ඩ ගැටුම්

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ ප්‍රචණ්ඩ ගැටුම්

හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (09) අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්තානයේ ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන ඇති බව විදෙස් වාර්තා කරනවා.

මේ වන විට එරට පුරා විරෝධතා ඇති වෙමින් පවතින අතර, ක්වෙටා නගරයේ දී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ දීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරය දරණ සමයේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන්හි දී තමන් වෙත ලැබුණු ත්‍යාග සහ ප්‍රදානවල වටිනාකම අඩුවෙන් තක්සේරු කර ඉදිරිපත් කිරීම ද ඔහුට එල්ලවන එක් චෝදනාවක්.

https://bit.ly/3B9ugR8