ඩෙංගු බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාප්තිය ඉහළට

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙරට බස්නාහිර පළාත ආශ්‍රිතව හා ත්‍රිකුණාමලය, මඩකලපුව යන ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, මේ වනවිට ඩෙංගු යැයි සැක සහිත රෝගීන් 32,366ක් වාර්තා වී ඇති බවයි.

