කොළොඹ හමුදා තවමත් සීරුවෙන්

කොළොඹ හමුදා තවමත් සීරුවෙන්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණු වීමක් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

පෙරේදා දිනයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පොලීසියට අමතරව යුද හමුදා සාමාජිකයින්ද කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණි.

පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම ගිනි නිවන අංශ ද සීරුවෙන් තබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් කොළඹ නගරයේ මර්මස්ථාන කිහිපයක ආරක්ෂාව තර කර ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණි.

කෙසේවෙතත් දැනට කැඳවා ඇති ආරක්ෂක හමුදා අද දිනයේදී විසුරුවාහැරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.