6 ශ්‍රේණියේ සිට පාසල් දරුවන්ට කෘත්‍රීම බුද්ධිය උගන්නන්න වැඩපිළිවෙලක්

6 ශ්‍රේණියේ සිට පාසල් දරුවන්ට කෘත්‍රීම බුද්ධිය උගන්නන්න වැඩපිළිවෙලක්

තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ පාසල් අධ්‍යාපනයට එක් කිරීමට තීරණය කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව, 6-9 ශ්‍රේණි දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අගදී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කියා සිටියා

එමෙන්ම මෙම නව විෂයන් ඉගැන්වීමට අමතරව ශිෂ්‍ය ප්‍රජාව අතර ඉංග්‍රීසි භාෂා භාවිතය වඩාත් පුළුල්ව ප්‍රචලිත කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ..

ඒ අනුව මේ වර්ෂයේ දී 2023 පාසල් අධ්‍යයන වර්ෂාරම්භයේදීම දීපව්‍යාප්තව පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට සෑම පාසලකම ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස කථන භාවිතයෙන් ආරම්භ කළ බවත් සාම්ප්‍රදායික ලෙස 3 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව විෂයක් ලෙස ඉගෙනීමේ දී සබකෝලය වැනි හේතු නිසා ඒ සඳහා පවතින උද්‍යෝගය සිසුන් අතර හීනවීමේ ප්‍රවණතාවක් පිළිබිඹු වන බවත් ඒ මහතා ප්‍රකාශ කලා