ධනිෂ්කට එරෙහි ලිංගික අතවර චෝදනා 4න් 3ක් ඉවත් කර ගනී

ධනිෂ්කට එරෙහි ලිංගික අතවර චෝදනා 4න් 3ක් ඉවත් කර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 3ක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලිසිය පියවර ගෙන තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ, ඔහුට එරෙහිව ගොනු කර තිබුණු චෝදනා 4න් 3ක් එලෙස ඉවත් කර ගෙන ඇති බව ය.

ඒ, එම නඩුව අද (මැයි 18) සිඩ්නි නුවර Downing Centre Local & District Courtහිදී කැඳවූ අවස්ථාවේදී ය.

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවක හා මිත්‍ර වී ඇයව “අපයෝජනය කළ බවට” ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

පොලිසිය විසින් කරන ලද ප්‍රකාශය අනුව, ඉතිරිව ඇති චෝදනාව වන්නේ, ධනුෂ්ක ගුණතිලක “බලහත්කාරයෙන්” ලිංගික සංසර්ගයේ යෙදී ඇති බව ත්, එම කාලය තුළ “තත්පර 20ක් 30ක් ඇගේ ගෙළ වටා එක් අතක් තබා ගෙන ගෙළ සිර කර තැබූ” බව ත් ය.

මෙම නඩුව ජූලි 13 වන දා නැවත කැඳවීමට නියමිත ය.

https://bit.ly/3Ol7LAk