facebook වෙතින් ලඟදීම අලුත් ඇප් එකක්

ඉන්ස්ටග්‍රෑම් විසින් ට්විටර් සමඟ තරඟ කිරීම වෙනුවෙන් නවතම ඇප් එකක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙටා (Meta) සමාගම තීරණය කර ඇත්තේ එය ඉන්ස්ටග්‍රෑම් සමඟ ඒකාබද්ධ වන යෙදවුමක් ලෙස හඳුන්වා දීමටයි.
එම යෙදවුම එළඹෙන ජුනි මාසය වන විය බොහෝ දුරට හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම යෙදවුම මේ වනවිට පරීක්ෂා කරබැලීම සඳහා විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් වැඩිදියුණු කිරීම් සිදුවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළා.

