ජනක රත්නායක පාර්ලිමේන්තු මහලේකම්ගෙන් කළ ඉල්ලීම

ජනක රත්නායක පාර්ලිමේන්තු මහලේකම්ගෙන් කළ ඉල්ලීම

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිලිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ දරුවන් දෙදෙනාටත් අවස්තාව සලසා දෙන ලෙස එම කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් පාර්ලිමේන්තු මහලේකම්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත ලිපියක් යොමුකරමින් බවයි සඳහන් වන්නේ.

තමාටත්, තම පුතුන් දෙදෙනාටත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිට තමාව ඉවත්කරනු ලබන විවාදය බැලීමට ඉඩ දෙන ලෙසයි ඔහු එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ .

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත්කිරීමේ යෝජනාව පිලිබඳ විවාදය හෙට (24) පැවැත්වීමට නියමිතයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුලත් කර තිබෙන බවද වාර්තා වෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම කොමිසමෙන් ඉවත්කිරීමේ අමාත්‍ය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යවරයා විසිනුයි.

COMMENTS