කටුනායක සහ ස්ථාන්බුල් අතර සෘජු ගුවන් සේවා ඇරඹේ

මෙම වසරේ අගෝස්තු මස සිට ස්ථාන්බුල් සිට කටුනායක දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනිය වන Demet Sekercioglu මහත්මිය සහ අමාත්‍යවරයා අතර අද (30) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව තුර්කි ගුවන් සේවා සමාගමේ ප්‍රධානියා සිදු කළ ඉල්ලීමකින් පසුවයි.
දැනට තුර්කි ගුවන් සේවාවන් මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් අමතරව පැය එක හමාරක පමණ කාලයක් වැයවන අතර සංචාරකයින් එයට කැමැත්තක් නොදක්වන බවයි තානාපතිවරිය ප්‍රකාශ කර තිබෙන්නේ.
සියලු කරුණු සලකා බලා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරි කටයුතු සිදු කරගෙන යාමට මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයට සහ ගුවන් සේවා සමාගමට උපදෙස් ලබාදෙන බවයි.

