අද රාත්‍රී 8ට ජනපති ජාතිය අමතයි

අද රාත්‍රී 8ට ජනපති ජාතිය අමතයි

අද රාත්‍රී 8ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09 ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළේ ඉදිරි පියවරන් සම්බන්ධයෙන් එහිදී ඔහු විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.

එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව පැහැදිලි අවබෝධයක් මහජනතාව වෙත ලබාගත හැකි බවත් අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.