බොරැල්ල රෝහලේ වකුගඩු සැත්කම් අත්හිටුවීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ඊයේ (07) අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
වෙස්ටර්න් රෝහල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම බලරහිත කරන්නැයි අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම රිට් පෙත්සමට අදාළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් ඇතුළු විනිසුරු මඬුල්ලක් විසින්.
පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම ජුනි 14 වැනිදා දක්වා කල් තැබීමට අධ්කරණය විසින් තීරණය කරනු ලැබුවා.

