ගවයින් අතර ව්‍යාප්ත වන සමේ ගැටිති රෝගය මධ්‍යමට සහ බස්නාහිරටත්

ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට ද ව්‍යාප්ත වී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, වයඹ පළාතේ ගවයින් අතර තවදුරටත් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවය.
මෙය වසංගත තත්වයක් නොවන බව ද ඇය ප්‍රකාශ කළා ය.

