ලෝක ටෙස්ට් ශූරතාව කැන්ගරුවන්ට

2023 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (11) සමත් වුණා
ඒ ඔවුන් ලකුණු 209ක දැවැන්ත ජයග්‍රහණය හිමි කර ගනිමින්
කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ඔවුන් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 469ක් ලබා ගත්තා
අනතුරුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296ක් පමණයි
එමෙන්ම දෙවන ඉනිම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන් අතර එහිදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 234ක්.


