සෞදි අරාබියෙන් චීනයට ඉන්ධන

සෞදි අරාබියෙන් චීනයට ඉන්ධන

ලෝකයේ ප්‍රධානතම තෙල් අපනයනකරු ලෙස සැළකෙන සෞදි අරාබිය විසින් චීනයට ඉන්ධන ලබාදීම සඳහා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබෙනවා.

ඒ,සෞදි අරාබිය වෙත පැමිණි චීන ව්‍යවසායකයින් සහ ආයෝජකයින් පිරිසක් සමඟයි.

ඒ අනුව චීනයේ ප්‍රධානතම බොරතෙල් සැපයුම්කරුවා බවට සෞදියේ ඇරැම්කෝ සමාගම පත්වෙනු ඇති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇමරිකාව සිය කණස්සල්ල පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඊට පිළිතුරු ලබාදෙමින් සෞදි අමාත්‍ය අබ්දුල් අසීස් කුමරු ප්‍රකාශ කළේ තම රටට අවශ්‍ය වන්නේ චීනය සමඟ තරග කිරීමක් නොව සහයෝගයෙන් කටයුතු කිරීමක් බවයි.

එමෙන්ම වෙළඳ ගණුදෙනුවලදී හතුරන් නොමැති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

https://tinyurl.com/f4y47ezf

COMMENTS