සබරගමු පළාතේ ආණ්ඩුකාර ධූරයට නවීන් දිසානායක

හිටපු අමාත්‍ය නවීන් දිසානායක සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයේ සඳහන් කළේ, අද පෙරවරුවේ ඔහු ආණ්ඩුකාර ධූරයේ දිවුරුම් දුන් බවයි.
සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසු ගිය දා එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩුව පැවතිණ.

