ලොව විශාලතම සහ බර වැඩිම වකුගඩු ගල ඉවත් කරමින් යුද හමුදා වෛද්‍යවරුන්ගෙන් ලෝක වාර්තාවක් (Photos)

ලොව විශාලතම සහ බරින් වැඩිම වකුගඩු ගල ඉවත් කරමින් කොළඹ යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ගිනස් ලෝක වාර්තාවක් තැබුවා.
කොළඹ යුද්ධ හමුදා රෝහලේදී මෙම සැත්කම සිදු කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දායි.
එය ප්‍රධාන ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රිතව හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීම බවට නිශ්චිතව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඒ බව යුද හමුදාව මගින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
කොළඹ යුද්ධ හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් කපිතාන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදුකරනු ලැබුවා.
ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහය වුණා.
මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වනවා.
ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මීට පෙර දිගම වකුගඩු ගල 2004 වසරදී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී තිබුණා.
එහි දිග සෙන්ටිමීටර 13 ක්. මීට පෙර බරින් වැඩිම වකුගඩු ගල හමු වී තිබුණේ 2008 වසරේදී පකිස්ථානයෙනුයි.
එහි බර ග්‍රෑම් 620 ක්.
මේ අනුව ලොව දිගම බර වැඩිම වකුගඩු ගල ශල්‍යකර්මයකින් ඉවත් කර ඇත්තේ යුද හමුදා රෝහලේදී යුද හමුදා වෛද්‍යවරුන් විසිනුයි.











